30.4 C
Colombo
Wednesday, April 24, 2024

රෑ 10 න් පස්සේ ඇඳිරි නීතිය දැම්මෙ බීච් පාර්ටීස් නවත්වන්න – කෙහෙළිය (වීඩියෝ)

- Advertisement -

රාත්‍රී 10 න් පසු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රතිපලයක් ලෙස වෙරළ සාද හෙවත් බීච් පාර්ටීස් නතර වන බව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ මහතා සදහන් කරන්නේ රටක් ලෙස ආර්ථිකයද පවත්වාගෙන යමින් ගත හැකි අවසාන ක්‍රියාමාර්ග රාත්‍රි 10 සිට අළුයම 4 දක්වා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීම පමණක් බවයි.

පවත්නා තත්ත්වය මත කුමන හෝ ප්‍රභේදයක් රටට පැමිණීමට ඉඩ ඇති බවත් එවැනි ප්‍රභේද නොඒවි යැයි තමන් ප්‍රාර්ථනා කරමින් සිටින බවත් අමාත්‍යවරයා ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළා.

රට වසාදමන්නයැයි මත පල කරද මීට පෙරද රට වසා දමා යළි විවෘත කළ පසු යළිත් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වූ බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

රට වසා දමා තිබියදී රජයේ සේවකයන් හට මාසික වැටුප ලැබුණද ස්වයං රැකියා කරන හා කුලී වැඩ කරන පුද්ගලයින්ට ඇතිවන තත්ත්වය පිළිබදව කිසිදු පුද්ගලයෙකු අවධානය යොමු නොකරන බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

යළි හිස ඔසවන මැලේරියාව

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. අද...

Fox Hill ධාවකයින් දෙදෙනාට ඇප

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

විජේදාසට හා මිත්‍රපාලට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේම පක්ෂයේ ප්‍රධාන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...