24 C
Colombo
Saturday, May 24, 2025

බදුල්ල බස් අනතු‍රෙන් තුවාල ලැබූ අයගේ දැන් තත්වය

- Advertisement -

බදුල්ලේදී ඊයේ (01) සරසවි සිසුන් රැගත් බස් රථයක් මාර්ගයේ පෙරළී යෑමෙන් සිදුවී අනතුරෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව පහව යමින් තිබෙන බව වාර්තා වෙනවා.

තුවාල ලැබූවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ  රෝහල් ගතකළ සියළු දෙනාගේ තත්ත්වය යහපත් බවයි. 

විශේෂයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දස දෙනාගෙන් කීපදෙනෙකුම අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවලට මාරුකර යැවිය හැකි බවද ඔහු පවසා තිබෙනවා.

“බස් අනතුරෙන් තුවාල ලැබූ 40ක් රෝහල්ගත කළා. ඉන් දස දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබමින් සිටිනවා.  හැමදෙනාගෙම තිබූ ජිවිත අවධානම පහවෙලා තිබෙන්නේ. අපට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් එම දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන්. 

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරලබන දස දෙනාගෙන් කීපදෙනෙක් අද සාමාන්‍ය වාට්ටුවලට මාරුකිරීමේ හැකියාව තිබෙනවා. තවත් කිහිප දෙනෙක් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රෝහලෙන් පිටව යා හැකියි.

දැනට තිබෙන තත්ත්වය අනුව කිසිදු රෝගියෙකු ගුවන් මගින් කොළඹට රැගෙනයාමේ අවශ්‍යතාවක් නැහැ. එය ජීවිත අවදානමේ හෙළීමක්. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල රෝහලේ තිබෙනවා”.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES