කොළඹ වරායේ ආනයන බහාලුම් නිෂ්කාසනයේ තිබෙන තදබදයට හේතුව ආනයනකරුවන් අසාමාන්‍ය ලෙස භාණ්ඩ ආනයනය කිරීම ඉහළ යෑම බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ, පසුගිය දින කිහිපයේ සිට ආනයන බහාලුම්වල අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළ බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ,
“පසුගිය දින කිහිපයේ සිට ආනයන බහාලුම්වල අසාමාන්‍ය වර්ධනයක් අපි දැක්කා. සාමාන්‍යයෙන් දිනකට ලැබුණේ බහාලුම් 1000ත් 1200ත් අතර ප්‍රමාණයක්. නමුත් පෙරේදා බහාලුම් 1774ක්, ඊයේ 1600කට වැඩි ප්‍රමාණයක් ලැබිලා තිබුණා. මේ නිසා තමයි තදබදය ඇතිවෙලා තිබෙන්නේ.”
“2024 ජනවාරි 01 වනදා සිට වැඩි කිරීමට නියමිත වැට් බද්ද නිසා ඊට පෙර වැඩියෙන් භාණ්ඩ ආනයනය කරලා රේගුවේ නිෂ්කාසනය කරගැනීමට බොහෝ ආනයනකරුවන් පෙළඹිලා තිබෙනවා.”
“කෙසේවෙතත් නිවාඩුවක් නැතුව නිෂ්කාසන කටයුතු අපි කරගෙන යනවා. මේ සතිඅන්තය අවසාන වනවිට මේ තදබදය අවම කරගන්න හැකි වෙයි.”
“වරාය තුළ නිෂ්කාසනය සඳහා බහාලුම් 320ක් පමණ ඉතිරිවෙලා තිබෙනවා. ඒ අතරතුර අලුතින් නිෂ්කාසනය සඳහා ලිපිලේඛන ලැබෙනවා.”