33 C
Colombo
Friday, March 29, 2024

බුද්ධිමතුන්ව කපලා; මාවත් කපලා..! – දයාසිරි

- Advertisement -

කෝප් සහ කෝපා කමිටු වල සිටි බුද්ධිමතුන් පිරිස මෙවර ඉවත්කර ඇති බවත් තමාවත් ඉවත් කර ඇති බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අද (04) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඒ වෙනුවට මේ වන විට පත්කර ඇති අය අය ගැන වෙනම කතා කිරීමට බලාපොරොත්තු නොවන බවත් කථානායකවරයා මීට සාධාරණයක් ඉටුකර දෙතැයි බලාපොරොත්තු වන බවත් දයාසිරි ජයසේකර පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර,

“සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉන්න තැනම තමයි මගේ නම කෝප් කමිටුවට දැම්මේ. ඒත් අද මගේ නම ඉවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කෝපා කමිටුවේ පසුගිය කාලයේ හිටියා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. එතුමියව කපලා තියනවා.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉවත් කරලා තිබෙනවා. ආචාර්ය රත්නසේකර මහතාවත් ඉවත් කරලා තිබෙනවා. මාව ඉවත් කරලා තිබෙනවා. අපේ යම් පිරිසක් කෝප්, කෝපා, මුදල් කාරක සභා වලට දාන්න”

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...