31 C
Colombo
Friday, April 19, 2024

දහම් සිරිසේනට නිදහස් පක්ෂයේ සභාපති තනතුරක්

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති තනතුර ලබාදී තිබෙනවා.

එම ධූරය සඳහා දහම් සිරිසේන මහතා භාරදුන් නාමයෝජනාව පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම්වලට මෙන්ම පක්ෂය තුළ ක්‍රියාකාරීව කටයුතු කළද ඔහුට එම පක්ෂයේ තනතුරක් ලද ප්‍රථම අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා වූ රැස්වීමටද දහම් සිරිසේන මහතා පසුගියදා එක්ව සිටියා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ 2018 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ සැසිවාරයකට සහභාගීවීම සඳහා දහම් සිරිසේන මහතාවද සහභාගී කරවාගෙන තිබුණා.

මෙම ක්‍රියාව එකල සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස විවේචනයට ලක්වුණා.

2013 වසරේ නැගෙනහිර වෙරළේ නිවාඩු නිකේතනයකදී දහම් සිරිසේන මහතා සහ ඔහුගේ මිතුරන් පිරිසක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර විද්‍යාලංකාර මහතාගේ පුත් අසේල විද්‍යාලංකාර මහතාට පහර දී තිබුණා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාව සිටි එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එම සිදුවීමට විශාල ප්‍රචාරයක්ද ලබාදුන්නා.

අනතුරුව යහපාලන රජය බලයට පත්වී දින කීපයක් ගතවීමෙන් අනතුරුව දහම් සිරිසේන මහතා රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළුවී එහි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීමේ සිදුවීමකින් පසුව ඊට උරණ වූ එකළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දහම් සිරිසේන මහතාට තරවටු කොට වැඩි දුර අධ්‍යාපනයට යැයි පවසා ඔහුව එංගලන්තයට පිටත් කර යැවුණා.

පසුව 2016 වසරේ ඔක්තෝම්බර් මස 08 වනදා අළුයම දෙකට පමණ කොළඹ ටවුන්හෝල් හි යුනයිටඩ් මෝටර්ස් උඩු මහලේ පිහිටි ‘Clique’ රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වීමට තැත් කළ එකළ ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා සහ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් (PSD) පිරිසක් ඔවුන්ට එම ස්ථානයට ඇතුල්වීමට නොදීම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමකදී එහි ආරක්ෂකයින්ට පහර දී රාත්‍රී සමාජශාලාවට බරපතල හානි සිදුකර තිබුණා.

එකළ මාධ්‍ය වාර්තා කළේ දහම් සිරිසේන මහතාට සහ තවත් පුද්ගලයන් කීප දෙනෙකුට ඇරෙන්නට අන් අයට ස්ථානයට ඇතුල්වීමට ඉඩ දිය නොහැකි බව සමාජ ශාලාවේ ආරක්ෂකයන් පැවසූ විට බහින්බස්වීමක් ඇතිවූ බවයි.

මෙම ගැටුමෙන් ජීවන් ප්‍රේමදාස නැමැති අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි අතර ඔහුව හමුවීමට නොහැකි වන ආකාරයට ආරක්ෂක අංශය රදවා සිටි බවටද තොරතුරු වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...