31 C
Colombo
Sunday, June 4, 2023

දෛනික මරණ 400 ඉක්මවිය හැකියි – GMOA

- Advertisement -

මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනයට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකළහොත් දෛනික කොවිඩ් මරණ ගණන 400 සීමාවට පැමිණීම නොවැළැක්විය හැකි වනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා

එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය යටතේ සංචරණ සීමා 90%කට වඩා ක්‍රියාත්මක වුවහොත් එහි අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇති බවත් එසේ නොවුණහොත් දින 10ක් නොව මාස ගණනක් වුවද රට වසා දැමීමට සිදුවනු ඇති බවත් ය.

තවද, මේ වන විට වාර්තා වන දෛනික මරණ ගනන 200 සීමාවට පැමිණ ඇති බවත් නිසි ක්‍රමයකට අනුව එය මෙම වසංගතය පාලනය නොකළොත් මෙම තත්ත්වය උදා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මීට සති කිහිපයකට පෙරම පෙන්වා දුන් බවත් කොළඹගේ මහතා පවසනවා.

මිය යන බහුතරය එන්නත් දෙකම ලබා නොගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බවට පසුගිය මාධ්‍ය සාකච්ජාවකදී යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළ බවත් මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතාව නිසි ආකාරව ක්‍රියාත්මක වී නොමැති බව ඒ හරහා පෙන්නුම් කෙරෙන බවත් ඔහු පවසනවා. අපේක්ෂිත අරමුණු ඉටුකර ගත හැකිවන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ක්‍රියා කළහොත් පමණක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...