32 C
Colombo
Saturday, March 25, 2023

මාතලේ නගරාධිපතිවරයා ධූරයෙන් නෙරපයි

- Advertisement -

මාතලේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පියවර ගෙන තිබෙනවා.
ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය ඊයේ (02) නිකුත්කර ඇත.
නගරාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි හා චෝදනා ගණනාවක් සැලකිල්ලට ගනිමින් සංශෝධිත මහ නගර සභා ආඥා පනත යටතේ ඔහු වැරදි සිදුකර ඇද්ද යන්න පිළිබඳ මාස තුනක කාලසීමාවක් තුළ පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරිම සඳහා කොමිෂන් සභාවක් පත් කිරීමට මීට පෙර ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබුණා.
ඒ සම්බන්ද විමර්ශනයක් සිදුකිරීම සඳහා විශ්‍රාමලත් විනිසුරුවරියක වන කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කෙරුණු අතර එම විමර්ශන වාර්තාව පසුගිය 24 දා ඇය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු. ගමගේ මහතා වෙත භාරදෙනු ලැබුවා.

අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු මත පදනම්ව මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහනගර සභා ආඥාපනත අනුව වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින් මහනගර සභා ආඥා පනත යටතේ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල අනුව මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතාව ආණ්ඩුකාරවරයා විසින් ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ආදාළ විමර්ශනය ආරම්භ කරමින් නගරාධිපතිවරයාව පසුගිය අගොස්තු මස ධූරයෙන් තාවතාලිකව ඉවත් කරනු ලැබූ අතර ආණ්ඩුකාරවරයා විසින් නගරාධිපතිවරයාගේ කාර්යන් ඉටු කිරීම සඳහා නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා ගැසට් නිවේදනයෙන් මගින් පත්කළා


RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...