25 C
Colombo
Friday, December 9, 2022

ඩලස් හා සරත් ජනාධිපතිගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිකම් එපා කියයි

- Advertisement -

ජනාධිපතිවරයාගේ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයක් භාර නොගන්නා බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ තරුණ අමාත්‍ය මණ්ඩලයක් කඩිනමින් පත්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය ද කැබිනට් අමාත්‍ය ධුර භාර නොගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලැබෙන තුරු රජයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට සිය පක්ෂය තීරණය කර ඇති බවයි.

මේ අතර, නව අමාත්‍ය මණ්ඩලයේ කිසිදු තනතුරක් නොගැනීමට තමා තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද පවසනවා.

නව අමාත්‍ය මණ්ඩලය අද (17) හෝ හෙට (18) දිවුරුම් දෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

ඩයනා ගමගේ පෙත්සමක් නිසා සජිත්ට සහ මද්දුමබණ්ඩාරට නොතීසි

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කළ පෙත්සමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබන ජනවාරි 25...

බුස්ස අධිආරක්‍ෂිත සිරමැඳිරිවලින් දුරකථන දෙකක් සොයා ගැනේ

0
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බුස්ස බන්ධනාගාරයේ අධි ආරක්‍ෂිත සිර මැඳිරිවල රැඳවියන් දෙදෙනෙකුගෙන් සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්...

Breaking: කිරි පිටි මිල නැවතත් ඉහළට..!

0
ආනයනික කිරි පිටි මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240ක්...

RECENT ARTICLES - ENGLISH

What did President do to Rajapaksas? – Reveals Basil

0
SLPP National Organiser Basil Rajapaksa, breaking the months-long silence said it was a correct decision to join with Ranil Wickremesinghe as the...

80% of surgical consumables bought by J’pura hospital for the Neurosurgical unit expired

0
It was revealed at Committee on Public Enterprises (COPE) that 80% of surgical consumables bought by Sri Jayewardenepura Hospital for its neurosurgical...

SLTB Chairman ordered to resign

0
Minister of Transport and Highways Bandula Gunawardena informed the Chairman of the Sri Lanka Transport Board (SLTB), Kingsley Ranawaka to resign from...