29 C
Colombo
Wednesday, March 29, 2023

ධනුෂ් හොලිවුඩ් ෆිල්ම් එකේ රඟපාන චරිතය?

- Advertisement -

දෙමළ නළු ධනුෂ්ට නෙට්ෆ්ලික්ස් ආයතනය වැඩිම මුදලක් යොදා නිපදවූ හොලිවුඩ් චිත්‍රපටියක රඟපාන්න අවස්ථාව ලැබිලා. ග්‍රේ මෑන් නම් එම චිත්‍රපටියට ධනුෂ් රංගනයෙන් එක් වන බව පසුගියදා නිවේදනය කළා.

ග්‍රේ මෑන් විශේෂ වන්නට හේතුවක් තියෙනවා. එය අධ්‍යක්ෂණය කළේ ඇවෙන්ජර්ස් චිත්‍රපටි මාලාව නිෂ්පාදන කළමණාකරණය සිදුකරන රූසෝ සහෝදරයන්. ඇවෙන්ජර්ස් චිත්‍රපටි මාලාව සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සංකල්පයක් අනුව ඉදිරියට ගලා ආවා. ඔවුන්ගේ නව චිත්‍රපටිය දිහා ලෝකය ඇස් ඇරගෙන බලා ඉන්නවා.

ධනුෂ් රඟපාන චරිතය හරියටම දන්නේ නැහැ. එහෙත් ඔහු රඟපාන්නේ ප්‍රධාන චරිතය නෙවෙයි.

එහි ප්‍රධාන චරිත දෙක රඟපාන්නේ ක්‍රිස් එවන්ස් සහ රයන් ගොස්ලින්. චිත්‍රපටියේ තේමාව මිනීමරුවෙක් බවට පත් වූ හිටපු සීඅයිඒ ඔත්තුකාරයෙක් (රයන් ගොස්ලින්) සහ තවම සීඅයිඒ එකේ ඉන්න ඔහුගේ පරණ යාළුවෙක් (ක්‍රිස් එවන්ස්) ගැන.

ග්‍රේ මෑන් චිත්‍රපටිය පදනම් වන්නේ ඒ නමින්ම වන නවකතාවක් මත. රූසෝ සහෝදරයන් කියන විදියට මේ චිත්‍රපටිය නවකතාවට වඩා වෙනස්. ඒ වගේම මේ චිත්‍රපටියෙන් පස්සේ, ඒකේ තවත් කොටස් ඉස්සරහට බලාගන්න පුළුවන්. චිත්‍රපටියේ ප්‍රධාන චරිතවල කතා ඉස්සරහට වෙනම චිත්‍රපටිවලින් බලන්න පුළුවන්ලු.

සමහරවිට ධනුෂ් ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපටියකුත් ඉස්සරහට එන්න ඉඩ තියෙනවා.

චිත්‍රපටියේ ෂූටින් පටන්ගන්නේ ලොස් ඇන්ජලීස්වල. යුරෝපයේත් ෂූටින් තියෙනවාලු.

ලෝකයේ මිලියන ගාණක් බලන ඒ වගේ චිත්‍රපටියක චරිතයක් රඟපාන්න ලැබෙන එක ධනුෂ්ගේ රඟපෑම් ජීවිතයේ විශේෂ අවස්ථාවක්. මෑත කාලයේ ලොකු හොලිවුඩ් චිත්‍රපටි කිහිපයකම අතුරු චරිත ඉන්දියන් නළුවන් රඟපෑවා. හොලිවුඩ් මාකටින් කරන ගොඩක් අය දැන් ඉන්දියාවේ මාකට් එක ගැන ලොකුවට කල්පනා කරනවා. ටෙනෙට් චිත්‍රපටියේත් වැදගත් චරිතයක්  ඩිම්පල් කපාඩියා රඟපෑවේ ඒ නිසා.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...