සමාජ මාධ්‍ය ක්‍රියාකාරී, මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීයි.
පසුගිය කාලය පුරා ඒ මහතා යුටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වත්මන් රජයේ පොලිස් භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධව ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් සිදු කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිඝණක අපරාධ අංශය විසින් දර්ශන හඳුන්ගොඩ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය කාලසීමාවේදී අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කළ පුද්ගලයන් කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුවා.
ඒ අතර ප්‍රකට යුටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය සේපාල් අමරසිංහ මහතා පොලිස් අත්අඩංගුවට පත්වූණා.
අත්අඩංගුවට පත් දර්ශන හඳුන්ගොඩ මහතා හෙට (06) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.