26.4 C
Colombo
Thursday, March 28, 2024

දසුන් ශානක සුපිරි ඉනිමකින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පන්දු 25කින් වාර්තා කළ වේගවත් ලකුණු 54න් ශක්තිමත් වෙමින් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරඟ 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් කඩුලු 4ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 177ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 108 දී බිද වැටුණා. ඉනිමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 15කට දැවී ගිය අතර, අනතුරුව චරිත් අසලංක හා පැතුම් නිස්සංක අතරේ දෙවැනි කඩුල්ල සදහා ලකුණු 42(30)ක සබදතාවයක් ගොඩ නැගුණා.

චරිත් ලකුණු 26කට දැවී ගිය අතර, පැතුම් ලකුණු 27යි. භානුක රාජපක්ෂ ලකුණු 17කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 6ක් පමණයි. වනිදු හසරංග ලකුණු 8කට දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව 7 වැනි කඩුල්ල සදහා දසුන් හා චාමික කරුණාරත්න අතරේ පන්දු 25කින් වාර්තා වූ නොබිදුණු සබදතාවය ලකුණු 69ක්.

දසුන් ලබා ගත් ලකුණු 54ට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළත්. චාමික නොදැවී ලකුණු 14 (10) යි.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දු 18 තුළදී ලකුණු 59ක් අවශ්‍ය වූ පසුබිමකයි දසුන් ශානක හා චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා මර්කස් ස්ටොයිනිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 176ක් ලබා ගත්තේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 39ක්, මර්කස් ස්ටොයිනිස් ලකුණු 38ක් හා ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගත් අතර, වනිදු හසරංග හා ප්‍රවීන් ජයවික්‍රම එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

කෙසේ වෙතත්, තරගාවලියේ ජය තරඟ 2-1ක් ලෙස හිමි වූයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමටයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...