27 C
Colombo
Sunday, March 26, 2023

දත්ත ආරක්ෂාවට පනත ලෑස්තියි

- Advertisement -

පෞද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත මේ වන විට අවසන් අදියරේ පවතින බව අයිසීටී ආයතනය ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වෙත කියා තිබෙනවා.

පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක් පනත් සම්මත කරගත්තත්, ලංකාවේ තවමත් එවැනි පනතක් සම්මත වී නැහැ. තාක්ෂණය දියුණු මෙම සමයේ එම පනත අතිශය වැදගත් පනතක් බව විද්වතුන් අතර සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

මේ වන විට අයිසීටීඒ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා සිය ප්‍රමුඛ අවධානයක් එම පනත ඉදිරිපත් කිරීම සඳහා යොමු කර ඇති බව වාර්තා වෙනවා. මෙම පනත පෙර ආණ්ඩුව සමයේ සිට සම්මත කරගැනීමට බලාපොරොත්තු වූ පනතක්.

ලෝකයේ වෙනත් රටවල්වල පවතින එවැනි පනත් අනුව වෙනත් පාර්ශ්වයන්ට පෞද්ගලික දත්ත ලෙස සලකන යම් පුද්ගලයෙකුගේ ඡායාරූප, හඬපටි හෝ වෙනත් පෞද්ගලික තොරතුරු සොරාගැනීම, අනවසරයෙන් එකතු කිරීම හෝ අනවසරයෙන් ප්‍රසිද්ධ කිරීම නීතියෙන් වරදක් වෙනවා. අනුන්ගේ දූරකථන ඇමතුම්වලට හොරෙන් සවන් දීම, පුද්ගලයන් යන එන තැන් පිළිබඳ අනවසරයෙන් නිරීක්ෂණය කිරීම, පරිගණක හැක් කිරීම ආදී නොයෙක් ක්‍රියාවලට එම පනතෙන් ආවරණය සපයනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

මේ වන විට රජය මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනද රටේ පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත අයිතියට හානියක් වන අන්දමේ පියවර ගත් අවස්ථා පිළිබඳ වාර්තා වෙනවා.

උදාහරණයක් ලෙස රජය මේ වන විට කොවිඩ්-19 රෝගීන් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක ඇප් එකක් හඳුන්වාදීමෙන් රටේ පුද්ගලයන් යන එන තැන් සහ මුණගැසුණු පුද්ගලයන් පිළිබඳ දත්ත එකතු කරන බව වාර්තා වෙනවා. ඊට අමතරව ඩ්‍රෝන් කැමරා හමුදාවෙන් සාමාන්‍ය පුද්ගලයන් වීඩියෝගත කිරීම් පිළිබඳත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...