25 C
Colombo
Wednesday, September 27, 2023

ජලසම්පාදනේ කපපු වලකට පාසල් සිසුවියක් ඇදගෙන වැටිලා

- Advertisement -

ගොතටුව IDH ජලාපවහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (19) උදෑසන වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබෙනවා.

අඩි 16ක් පමණ ගැඹුරු වළකට ඔවුන් වැටී ඇති අතර, මේ වනවිට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වළට ඇදවැටී අනතුර සිදුව තිබුණා.

පසුව පියා විසින් දියණිය එම වළෙන් පිටතට ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙනවා.

සිද්ධියට මුහුණදුන් පියා මෙලෙස පවසා තිබුණා.

පාර අතන වහලා නෑ. අපි ගියා අඩි 16ක් ඇතුළට. මෙයාව අල්ලගෙන ආවා කොහොම හරි. බයිසිකලය ඇතුළේ. ගැට්ට අල්ල ගත්තා. කට්ටිය ඇවිත් ඇදලා ගත්තා.”

එම ස්ථානයේ රැඳී සිටි ප්‍රදේශවාසීන් මෙසේ අදහස් දක්වා තිබෙනවා.

තව කීදෙනෙක් ඇතුළේ ඉන්නවා ද දන්නේ නෑ. අන්න ඒකයි ඛේදවාචකය. මේක 6යි ගානට දැක්කේ. එතකොට පාන්දර ගිය අය එතකොට…”

මේ අතර, ජල නලය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇති බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...