23 C
Colombo
Thursday, February 13, 2025

ඩේවිඩ් ලින්ච් දිවියෙන් සමු ගනී

- Advertisement -

Blue Velvet, Lost Highway, Mulholland Drive, Inland Empire, The Straight Story, Dune වැනි සිනමා කෘති රැසක් අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ලින්ච් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, සංගීතඥයෙක් මෙන්ම නළුවෙක් වන ලින්ච් මිය යන විට 78 වැනි වියේ පසු වුණා.

ලින්ච් දිවියෙන් සමුගෙන ඇති බව ඔහුගේ පවුලේ අය විසින් ලින්ච්ගේ නිල ෆේස්බුක් පිටුව මඟින් නිවේදනය කර තිබුණා.

ඩේවිඩ් ලින්ච් ගේ The Elephant Man චිත්‍රපටය ඔස්කාර් සම්මාන 8කට නිර්දේශ වී තිබෙනවා.

ලින්ච්ගේ අධ්‍යක්ෂණයෙන්, 1990 වසරේදී නිකුත් වුණු Twin Peaks ටෙලි කතා මාලාවටද සම්මාන රැසක් හිමි වුණා.

ලින්ච් වරක්  පවසා තිබුණේ තමා දිනක සිතුවමක් අඳිමින් සිටියදී සුළඟක් හමන බව ඇසුණු අතර ඒ සමඟම කැන්වසය මත තිබූ සිතුවම සෙලවෙනු දුටු බවයි.

ඒ අත්දැකීම විසින් ඔහුව සිනමාකරණයට පෙළඹවීමක් ඇති කළ බවත් ලින්ච් සඳහන් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා හෙට (13) ගිණුම් වලට බැර කිරීමට නියමිතයි. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, මෙලෙස රුපියල් 12,555,651,250ක මුදලක්...

වීසා නැති 13ක් පිටුවහල්

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ...

POPULAR ARTICLES