අනූෂ පැල්පිටගෙන් හිස්වූ ලේකම් ධූරයට වරායෙන් ඉවත්වූ දයා රත්නායක පත් කෙරේ

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර තිබෙනවා. මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ අනූෂ පැල්පිට මහතායි. ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ පසුව වරාය සභාපති ධූරයෙන් ඉවත්වී සිටි දයා රත්නායක මහතා එම ධූරයට පත්කර තිබෙනවා.