31 C
Colombo
Thursday, April 18, 2024

ඩයනාට සහ අරවින්ද්ට ආණ්ඩු පක්ෂයේ ආසන

- Advertisement -

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා‍ ගමගේ සහ අරවි් කුමාර් හට ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කතානායකවරයාගෙන් කළ ඉල්ලීීීම සලකා බලා අදාල මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට තීරණය කර ඇත.

එමෙන්ම 20 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික්, නසිර් අහමඕ, ඒ.ඒ.එස්.එම් රහීම් සහ එම්.එම්.එම්.මුෂාරෆ් විපක්ෂයේ වෙනත් අසුන් පැනවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.පසුගිය පාර්ලිමේන්තු සැසි වාරයකදී විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ අදාල මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසය.

කෙසේ වෙතත් ඩයනා ගමගේ් මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය සමගි ජන බලවේගය තහනම් කර ඇති අතර ඒ් පිළිබඳව ලිපියක් මගින් අදාල මන්ත්‍රිවරියට දන්වා යවා ඇත.

RECENT ARTICLES - SINHALA

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

හමුදාව හැරගිය අයට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...