හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සංවිධායක ධුරය සඳහා සමහරුන් පත් කළේ පුද්ගලයින් ගැන හරි වැටහීමකින් හෝ දේශපාලන මණ්ඩලයක අනුමැතිය මත නොවන බව ඔහු සමහරුන්ට සංවිධායක ධුර දුන්නේ ඔවුන්ගේම පිට උඩ තබා පත්වීම් ලිපියට අත්සන ගසා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පක්ෂය පිරිහෙන්නට එවැනි ක්‍රියා හේතු වුයේ බවත් දයාසිරි යනු හෙණ ගහන විට එලියට වීසි කරන යකඩ කෑල්ලක් පමණක් බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙනවා.
පොල් සංවර්ධන අධිකාරියේ පැවැති වැඩසටහනකට අද (8) සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බවපවසා තිබුණා.
ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය විසින් පක්ෂයේ වැඩබලන සභාපති තනතුරට ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීම නීත්‍යානුකූල නැතැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ “එයා කියන දේවල් අපිට අදාල නැත” යනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙනවා.
“මන්ත්‍රීවරු 140ක් හිටපු පක්ෂයක් අපි සිරිසේන මහත්තයට බාර දුන්නේ. දැන් ඒ ගාන දෙක දක්වා අඩු වෙලා.එහෙම කළේ අපි නොවෙයි .පක්ෂයේ හිටපු සභාපතිවරයායි” යනුවෙන් ද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.