26 C
Colombo
Wednesday, February 19, 2025

පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී දයාසිරි වැඩ භාරගෙන

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී වැඩභාර ගෙන තිබෙනවා.

පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මුලස්ථානය ඉදිරිපිට දී වැඩභාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම් ධූරයේ වැඩ භාරගැනීම සඳහා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට අද උදෑසන පැමිණ තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයා සිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ගෙන තිබූ තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පෙරේදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම, අධිකරණ නියෝගය නිකුත් කර පැය 24ක් යන්නටත් මත්තෙන් නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටු වීමටද පියවර ගත්තා.

ඒ, පක්ෂ ව්‍යවස්ථාව උල්ලඝනය කරමින් වෙනත් දේශපාලන සන්ධානයක නායකත්වය දරණ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට චෝදනා කරමින්.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES