29 C
Colombo
Friday, March 29, 2024

බැසිල්ට විරුද්ධ දයාසිරි, පඬුවස්නුවරින් දිනයි

- Advertisement -

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ මන්ත්‍රීවරයා පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද මන්ත්‍රීවරයා ජයග්‍රහණය කර තිබේ.

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ජයවීර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු, අසාධ්‍යව මියගියේය.

සභාව සඳහා නව සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අද (08) රහස් ඡන්දයක් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව සභාපති ධුරයට නම් කරන ලද ඩබ්ලිව්. අරවින්ද මන්ත්‍රීවරයාට හිමි වූයේ ඡන්ද 16කි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්දේශ කර තිබූ ධර්මසේන බමුණුසිංහ මන්ත්‍රීවරයා මෙහිදී ඡන්ද 20ක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර ඔහුට ප්‍රසිද්ධියේ සහාය දක්වා තිබිණි.

පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාසයෙන් ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ දයාසිරි ජයසේකර වුවද, එහි ආණ්ඩුවේ සංවිධායක ධුරය ඔහුට පවරා නැත.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...