මිරිහාන මාදිවෙල වෙල්සිරිපුර ප්රදේශයේ ත්රිරෝද රථ අලුත් වැඩියා කරන ආයතනයක් ආසන්න මාර්ගයේ කාණුවක් තුළ සැක සහිත අයුරින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කෝට්ටේ, මාදිවෙල, ප්රගතිපුර පදිංචිව සිටි මනෝජ් ප්රියන්ත සිල්වා නැමැති 55 යන ත්රිරෝද රථ රියදුරකු බව හඳුනාගෙන ඇතැයි පොලසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ, මළ සිරුර කාණුව තුළ මුනින් අතට වැටී තිබූ බවත්, ඔහු පැදවූ ත්රී රෝද රථයද එම ස්ථානයේ තිබූ බවයි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් පැමිණ මළ සිරුර හඳුනාගත් බවත් පොලිසය පවසනවා.