25.6 C
Colombo
Saturday, July 19, 2025

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකුට මරණ දඬුවම

- Advertisement -

පොලුවලින් හිසට සහ උදරයට පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කළ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විත්තිකරුවන් දෙදෙනාටම මරණ දඬුවම නියම කරනු ලැබුවා.

මෙසේ මරණ දඩුවම නියම වූයේ, මහනුවර උණුමින්න කන්දේ හංදිය ගුරුබැද්ද පදිංචිකරුවන් වන ඩී. එම්. සමන් කුමාර දිසානායක සහ ඒ. එම්. සමරකෝන් බංඩාර විජේකෝන් යන විතිතිකරුවන්ටයි.
 
විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.
  
2010 වසරේ ජූලි 27 වනදා හෝ ඊට අසන්න දිනයක මහනුවර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්දේ හංදියේදී පොලු වලින් සහ අතින් පයින් පහරදී ‘සාමි අයියා ධන බාලසිංහම්’ යන අයව ඝාතනය කල බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව මෙම විත්තිකරුවන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES