25.6 C
Colombo
Saturday, July 19, 2025

වෛද්‍ය මහේෂිගේ දියණියගෙන් මරණ තර්ජන

- Advertisement -

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අල්ල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය කර ඇති බව එම නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, ඊයේ (04) දින පැවති නඩුව කටයුත්ත අවසන් කර අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේදීයි.

අල්ලස් කොමිසමේ සහකාර කොමසාරිස් සුලෝචනා හෙට්ටිආරච්චිට සහ විමර්ශන නිලධාරී දිලුම් දුශාන්ට සැකකාර විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය විසින් මෙලෙස මරණ තර්ජන සිදු කර ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් වහාම කොළඹ මහේස්ත්‍රාත්වරියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබා දී තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට ඊයේ (04) නියම කළා.

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් ඊයේ දින මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව කරුණු දක්වා සිටියා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කළා.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා. දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක...

POPULAR ARTICLES