27.9 C
Colombo
Tuesday, May 13, 2025

තාබුගලට මරණ තර්ජන

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවු‍ලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ලවී තිබෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල  කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ නීතීඥවරුන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් ලබන 10 වනදා නියෝගයක් නිකුත් කරන බව ප්‍රකාශ කළා.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරුණු තාඹුගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට රහස් ප්‍රකාශයක් ලබාදීමට මහේස්ත්‍රාත්තුමිය අවසර ලබා දී තිබුණා.

තාබුගල මහතා අදාළ රහස් ප්‍රකාශය ලබා දීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී ලබාදීම පසුගිය 28 වන දා අවසන් කළා.

පසුගිය සඳුදා, අඟහරුවාදා සහ අද දින පුරා පැය දහයකට අධික කාලයක් ඔහු මෙම රහස් ප්‍රකාශය ලබා දීම සිදුකර තිබුණා.


RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...