26.7 C
Colombo
Monday, July 21, 2025

අගමැතිනියට මරණ තර්ජන

- Advertisement -

අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ, අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් විද්‍යුත් තැපෑලක් අගමැති කාර්යාලයට ලැබී ඇති බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණිල්ලක් ගොනු කර ඇති අතර විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන්, ගූගල් වෙතින් වාර්තාවක් ඉල්ලා සිටි බවත්, එම වාර්තාව ලැබී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

එම විද්‍යුත් තැපෑලෙහි IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇතැයි සොයාගෙන ඇති බවට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසූ අතර ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ලැබුණු පසු අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවද සඳහන් කළා.

තවද සජිත් ප්‍රේමදාසගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෙළි කළේ 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

පාතාල නායකයෙකු වන ‘ලොකු පැට්ටි’ ගේ සහචරයෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට පැමිණිල්ලේ සඳහන් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට හෙළි කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :

“අපි පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙනවා. පැමිණිල්ල කළ ජංගම දුරකථන අංකය පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී තිබෙනවා,”

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES