32 C
Colombo
Friday, March 29, 2024

පවතින ආපදා තත්ත්ව‍ය නිසා මියගිය ගණන තවත් ඉහළට

- Advertisement -

ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයිනෙන් වාර්තා වන මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මාතලේ, මුලතිව්, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වී ඇති බවත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 105කට බලපෑම් එල්ලව ඇති අතර ඉන් පවුල් 8820කට අයත් පුද්ගලයින් 23,638 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

මේ හේතුවෙන් නිවාස 18ක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 960කට අර්ධ හානි සිදුව තිබේ.

පීඩාවට පත්වූ පවුල් 385ක පුද්ගලයින් 1671 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 19ක මේ වන විට රඳවා ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර, දිස්ත්‍රික 11ක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම් නිවේදනය අද රාත්‍රි 09.00 දක්වා දීර්ඝ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...