29 C
Colombo
Saturday, January 18, 2025

දකුණු කොරියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන ඉහළට

- Advertisement -

දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු මියගොස් තිබෙනවා.

යානයේ ගමන්ගත් ඉතිරි පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත්, දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පවසා ඇත්තේ, ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැඩි අපේක්ෂා තබාගත නොහැකි බවයි.

ජේජු ගුවන් සේවාවට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කර තිබුණේ අද අලුයම් කාලයේදීයි.

යානයේ සිටි පුද්ගලයින් 181 දෙනාගෙන් 175 දෙනෙක් මගීන් වූ අතර, ඉතිරි 6 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින් වනවා.

යානය මුආන් ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදීගොස් එහි තාප්පයක ගැටී අනතුරට ලක්වුණා.

අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව මුළුමනින්ම විනාශ වී තිබුණා.

මේ සමඟම ඒ ආසන්නයට පැමිණි ගිනිනිවන අංශ කඩිනමින් ගින්න නිවාදැමීමට උත්සාහ කර තිබුණා.

ඒ වෙනුවෙන් යොදවා තිබූ ගිනි නිවන රථ ගණන 32ක්.

දකුණු කොරියානු මාධ්‍යවලට අනුව යානයේ සිටි මගීන් 175 දෙනාගෙන් 173 දෙනෙකුම දකුණු කොරියානුවන් වන අතර, ඉතිරි දෙදෙනා තායිලන්ත ජාතිකයින් වනවා.

කෙසේ නමුත් දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමෙන් අනතුරුවත් මුදාගෙන තිබුණේ යානයේ සිටි පිරිසෙන් දෙදෙනෙක් පමණයි.

ඔවුන් දෙදෙනාම කාර්ය මණ්ඩල සාමාජිකයෙක් බවට වාර්තා වනවා.

යානය අනතුරට පත්වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර නැතත්, ගොඩබැස්වීමට පෙර එහි ගොඩබැස්වීමේ පද්ධතියට යම් හානියක් සිදුව ඇති බවට බලධාරීන් සැකපළකරනවා.

කුරුල්ලන් යානයේ ගැටීම ඊට හේතුවන්නට ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES