25 C
Colombo
Thursday, January 16, 2025

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

- Advertisement -

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙරට වේලාවෙන් අද (07) පෙරවරු, 6.30ට පමණ ටිබෙට් හී “ශිගාට්ස්” නගරය ආසන්නයේ කිලෝ මීටර 10ක් පමණ භූ අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගත්තා.

එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 7.1ක්.

භූ කම්පනයේ අපි කේන්ද්‍රයට කිලෝමීටර 400ක පමණ දුරින් පිහිටි, නේපාලයේ කත්මණ්ඩු අගනුවර සහ ඉන්දියාවේ බිහාර් ඇතුළු ප්‍රදේශ කිහිපයකටද කම්පනය දැනී තිබූ බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

විදෙස් වාර්තාවලට අනුව නිවාස 1,000කට පමණ ඉන් හානි සිදුව තිබෙනවා.

මේ වන විට ප්‍රදේශයේ ජලය හා විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා.

නේපාලය ආශ්‍රිත මෙම කලාපයේ භූමිකම්පන බහුලව සිදුවනවා.

2015 වසරේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ ඇති වූ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 9,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES