27 C
Colombo
Thursday, April 24, 2025

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 150 දක්වා ඉහළට

- Advertisement -

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ ගණන 150 ඉක්මවා ගොස් තිබෙනවා

ගංගාවල ජල මට්ටම පහත වැටී ඇති අතර, ඇතැම් කලාපවල ජලගැලීම් පහව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අධික වැසි හමුවේ සිදුවූ නායයාම්වලින් සහ ජලගැලීම්වලින් අතුරුදන්වූවන් ගණන 60කට අධික බව විදෙස් මාධ්‍ය පවසනවා.

අයහපත් කාලගුණය නොතකා නායයාම්වලින් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බව සඳහන්.

කත්මණ්ඩු අගනගරය ආසන්නයෙන් ගලාබසින බාග්මතී ගංගාව ඇතුළු ගංගා රැසක් අධික වර්ෂාපතනය හමුවේ පිටාර ගොස් තිබෙනවා.

හිමාලයානු කලාපයට පතිත වූ අඟල් 12.7ක් ඉක්මවූ වැසි හේතුවෙන් එම ගංගාවේ ජල මට්ටම අඩි 7කින් පමණ ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

කෙසේ නමුත් මේ වනවිට ජල මට්ටම ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින අතර හිමාල කඳුවැටිය ආශ්‍රිත රටවලට මේ දිනවල අධික වැසි තත්ත්වයක් බලපා ඇති බැවින් කලාපීය ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ අනුව උතුරු ඉන්දියාවටත් ජලගැලීම් ආපදා බලපා ඇති බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES