29 C
Colombo
Thursday, July 17, 2025

ඡන්දෙට ඉල්ලුම් කළ රජයේ සේවකයින් ගැන තීරණයක්

- Advertisement -

පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලුම්කළ රාජ්‍ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් දැනට අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු රාජ්‍ය සේවකයින්ට මෙමගින් පෙර සේවය කළ ස්ථානයටම ස්ථාන මාරු හිමිවනු ඇති බවත් ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ සිටිනවා. ඔවුන්ගේ අභියාචනා සළකා බලා නැවත සේවයේ පිහිටුවීම සදහා අප විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටුවන අතර එම රාජ්‍ය සේවකයින් නැවත සේවය කළ ස්ථානයටම යොමු කිරීමට ද කටයුතු කරනවා. එහිදී ඔවුන් කිසිදු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙසට ද අප විසින් කොන්දේසියක් පනවනවා.”

“ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවක තනතුරු 2700ක පමණ ප්‍රමාණයක් ලබන 02 වනදා වන විට විභාගයට පෙනී සිටීමට නියමිතයි. ලබන වසරේ පෙබරවාරී මස 04 වනදාට පෙර ඔවුන් සේවයේ යෙදවීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම පළාත් පාලන ආයතන තුළ සිටින 8400ක අනියම් සේවකයින් අනිවාර්යෙන් ස්ථිර සේවයේ පිහිටුවීමට ද කටයුතු කරනවා.”

RECENT ARTICLES - SINHALA

හෙද සේවය ගැන දුන් නියෝගයකට ශ්‍රේෂ්ඨාධිකරණ‍යෙන් නියෝගයක්

රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින්...

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

POPULAR ARTICLES