29 C
Colombo
Thursday, July 17, 2025

පැන්න අය ගැන පොහොට්ටුවෙන් තීරණයක්

- Advertisement -

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් වෙනත් ජනාධිපති අපේක්ෂකයන් වෙත සහය දැක්වීමට කටයුතු කර ඇති පක්ෂයේ නියෝජිතයන් සම්බන්ධයෙන් පියවර ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලය කැඳවීමට නියමිත බවයි.

එහිදී  පක්ෂයේ තීරණයට එරෙහිව ගිය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා හා පළාත් පාලන සභිකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන්.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස විනය මණ්ඩලය කැඳවනු ඇති.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග පවසන්නේ, මේ වනවිට අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පක්ෂය හැරගොස් ජනාධිපතිවරණයේ විවිධ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය ලබාදී ඇති බවයි.

මේ වන විට පොදුජන පෙරමුණේ  මතය සමඟ යමින් මන්ත්‍රීවරුන් 42ක් තවදුරටත් රැඳී සිටින බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

සජිත්ගේ නිවාස අක්‍රමිකතා විමර්ශන කාර්යාංශයට

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2015 - 2019 කාලසීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන...

POPULAR ARTICLES