28 C
Colombo
Thursday, January 16, 2025

සුගතදාස ක්‍රීඩාංගණය ගැන ගත් තීරණය

- Advertisement -

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය යනු පළමු පන්තියේ ක්‍රීඩා පහසුකම් සපයන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රීඩා සංකීර්ණයක්.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සියලු පහසුකම් සහිත මීටර් 400, මීටර් 200 සහ මීටර් 800 කෘතිම ධාවන පථ වලින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති එකම ක්‍රීඩා සංකීර්ණයයි.

2018 දී කෘතිම ධාවන පථය නැවත සකස් කරන ලද නමුත් වර්තමානයේ එහි බොහෝ ඉරිතැලීම් ඇති බැවින් එය ජාතික මට්ටමේ ක්‍රීඩා සඳහා නුසුදුසු බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වාර්තා කර තිබෙනවා.

ඒ හේතුවෙන්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීම ජාතික ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තරග සදහා යැවීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් මෙය ප්‍රතිසංස්කරණය කිරීම සිදුකරන බව රජය පවසනවා.

ඒ අනුව, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීම, පාපන්දු පිටිය සැකසීම, ඒ සඳහා අවශ්‍ය විද්‍යුත් කාල ගණන යන්ත්‍ර සවී කිරීම සහ ආලෝක කුලුනු ප්‍රතිසංස්කරණය කිරීම යන කාර්යයන් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදු කිරීම සදහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...