25 C
Colombo
Friday, January 17, 2025

ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් ගැන තීරණයක්

- Advertisement -

2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණයන්හි ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ආදයම් වියදම් වාර්තාභාර දීමට මෙතෙක් ක්‍රියා නොකළ අපේක්ෂකයින් 1042කගේ සහ පක්ෂ ලේකම්වරු මෙන්ම ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.

මෙම වගඋත්තරකරුවන්ට, අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන ආරම්භ කරනු ලබනවා.

ඒ අනුව, කොට්ඨාස භාර නිලධාරීන් විසින් 2025.01.31 වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව මැතිරණයක ප්‍රථිඵල නිකුත් කර දින 21ක් ඇතුළත පිළිගත් දේශපාලන පක්ෂයේ / ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්ෂකයාගේ ආදයම් හා වියදම් සම්බන්ධව වාර්තා මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරීයා වෙත භාර දීම සිදුකළ යුතු වනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES