මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.
මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරුණා.
කෙසේවෙතත් ඉරිදා දිනයක් බැවින් අද දිනයේ එම මිල සංශෝධනය සිදුනොවූ අතර එය අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේදීද ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුවුණා.