වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් සකස් කර බදු වංචාවක් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරන්නේද යන්න සම්බන්ධ තීරණය සම්බන්ධයෙන් ලබන ජුනි 16 වැනි දින ලබා දීමට නියමිතව තිබෙනවා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා විසින් අදාළ නියෝගය ලබා දීමට නියමිතයි.
ජාතික කම්කරු කොංග්‍රසයේ (NWC) වෘත්තීය සමිතියේ නිලධාරීන් ලෙස පෙනී සිටි පිරිසක් විසින් නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇති අතර, අමාත්‍ය වසන්ත සමරසිංහ ද එම නිලධාරීන් අතර සිටි අයෙකු නම් කර තිබෙනවා.