පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණය 2026 ජනවාරි මාසයේදී සලකා බැලෙන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා පවසා තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ, සීමා නිර්ණය පිළිබඳ මතභේදාත්මක කරුණු වැනි නොවිසඳුනු නීතිමය සහ තාක්ෂණික ගැටලු හේතුවෙන් 2025 වසරේදී පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙන බවයි.
එමෙන්ම, මෙම ගැටලු ප්‍රමාණවත් ලෙස විසඳා පළාත් පාලන නීතිමය රාමුව ස්ථාවර කරන තුරු මැතිවරණ නොපැවැත්වෙනු ඇති බවද පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා සඳහන් කර තිබෙනවා.
හිටපු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නිර්ණ වාර්තාවක් සභාගත කළ විට ඇති වූ තත්වය පිළිබඳ සඳහන් කරමින්, අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා පළ කර ඇත්තේ මෙවන් අදහසක්.
“ඔවුන් සීමා නිර්ණ වාර්තාවක් ගෙනැවිත්, එය සභාගත කළා, පසුව ඔවුන්ම එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඔවුන් එය සම්පූර්ණ විහිළුවක් බවට පත් කළා”
“සාමාන්‍යයෙන් ජනතාව ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් වැනි ප්‍රාදේශීයකරණය කරන ලද නියෝජිතයන් සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වීමට නැඹුරු වෙනවා. ජනතාවට වඩා හොඳ ප්‍රවේශයක් සහ වැඩි බලයක් ලබා ගැනීම සඳහා පළාත් පාලන ආයතන තවදුරටත් බල ගැන්වීමට අපට අවශ්‍යයි”