මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම මේ වනවිට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ මහතා නිත්‍ය තනතුරේ රාජකාරීවලට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
“ආයතන සංග්‍රහයේ 2 වෙනි කාණ්ඩයේ 48 වෙනි පරිච්ඡේදයේ 31 (5) (1) හි සඳහන් විධි විධාන සැලකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ලෙස සේවය කරනු ලබන එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතාගේ රාජකාරී වැඩ තහනම් කරන්නත්, දැනට අධිකරණ සහ ජාතියේ ඒකාබද්ධ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස සේවය කරනු ලබන එච්.එම්.එන්.සී. දනසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ නිත්‍ය තනතුරේ රාජකාරීවලට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තනතුරේ වැඩ බැලීම පිණිස පත් කිරීමටත්, ඉහත තීරණය පරිදි එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා රාජකාරී වැඩ තහනමට ලක්වස් ඉට කාලසීමාව තුළදි ආයතන සංග්‍රහයේ 2 වෙනි කාණ්ඩයේ 48 වැනි පරිච්ඡේදයේ 31 (12) උප වගන්තියේ විධි විධාන පරිදි ඒ මහතා අඩ වැටුප් කිරීමටත් ඉදිරිපත් කරන ලද කැබිනට් මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැති හිමි වෙනවා. ”