24 C
Colombo
Sunday, February 16, 2025

මාලිමා ඇමතිගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම ගැන තීරණයක්

- Advertisement -

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඒ, එම පෙත්සම අද (22) අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් වගඋත්තරකරුවන් සියලු දෙනාට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බවයි.

ඒ අනුව මේ මස 27 වන දාට පෙර සියලු වග උත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ අමාත්‍ය ආචාර්ය. උපාලි පන්නිලගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ බවයි.

උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කරන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යවස්ථාපිත නීතීන් අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

උපාලි පන්නිලගේ මන්ත්‍රී ධුරය දැරීම සඳහා නුසුදුසු පුද්ගලයෙක් බවත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන කෝ වොරෙන්තෝ මැන්ඩා මූස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES