වකුගඩු රෝගීන්ගේ, ආබාධිතවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මාසික දීමනාව රු 7,500 සිට රු 10,000 දක්වා වැඩි කිරීමට නියමිත බවයි.
වැඩිහිටියන්ට ලබාදෙන මාසික දීමනාව රු 3,000 සිට රු 5,000 දක්වා මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩිකිරීමට යෝජනා කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට රු බිලියන 232.5ක් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.
එමෙන්ම අඩු ආදායම් ලබන පවුලක එක් සිසුවෙක් සඳහා පොත්පත් මිල දී ගැනීමට රු 6,000ක මුදල දැනටමත් ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.