27.8 C
Colombo
Monday, June 23, 2025

ටෙස්ට් පරාජය හමුවේ නවසීලන්ත නායකයා ගත් තීරණය

- Advertisement -

ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමගම නවසීලන්ත නායක ටීම් සවූති නායකත්වයෙන් අස්වීමට තීරණය කර තිබෙනවා.

සවූති පවසන්නේ කණ්ඩායමේ යහපත වෙනුවෙන් ඔහු එම තීරණය ගන්නා බවයි.

ඒ අනුව, නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ටොම් ලේතම් පත්කිරීමට නියමිතයි.

2022 වසරේදී කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වුණු අතර පසුව නායකත්වය ටීම් සවුතිට පැවරුණා.

ඔහු ටෙස්ට් තරග 14කදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා ඇති අතර, ඉන් තරග 6ක් ජයගෙන 6ක් පරාජය වී තිබෙනවා.

තරග 2ක් ජයපරාජයෙන් තොරව අවසන් වුණා.

ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් පරාජය වූ නවසීලන්ත කණ්ඩායම දෙවැනි තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් පරාජය වුණා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...