28.8 C
Colombo
Wednesday, March 26, 2025

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ගත් තීරණය

- Advertisement -

නිමාවට පත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය තාවකාලිවක අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

එම විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව ඇය අවධාරණය කර සිටියා.

ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන බව ද තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවා.

“අපි පහ වසර ශිෂ්‍යත්ව විභාගය තියන්නේ, දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන්නට. අද මේ විභාගය තරගකාරි විභාගයක් බවට පත් වෙලා තියෙනවා. මේ විභාගය තුළ මෙවැනි සිද්ධියක් සිදු වුණා නම් අපේ කුඩා දරුවෝ තමයි බරපතළ පීඩාවට ලක්වෙලා තියෙන්නේ.ඒක නිසා අපි අමාත්‍යංශය විදිහට මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා දෙමාපියන්ට කලබල නොවී දරුවන්ගේ මානසිකත්වය නිරවුල්ව තියන්නට කියලා.මේ දරුවන්ට මේ අසාධාරණය සිදු කරන්න යම් පිරිසක් මැදිහත්වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.ඒ වගේම විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සියලු පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලැබිලා අපි තීරණයක් ගන්නා තෙක්. එතෙක් ප්‍රතිඵල නිකුත් කරන්න අවශ්‍ය සමීක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. ඒකත් අපි තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු.”

RECENT ARTICLES - SINHALA

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

POPULAR ARTICLES