කුරුළු උණ රෝගය වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසන්නේ රටවල් කිහිපයක යළි හිස ඔසවා ඇති කුරුළු උණ රෝග කාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
පළමුවරට අමෙරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව ද මෙම රෝගය වාර්තාවීම දරුණු තත්ත්වයක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා.
එසේ වුවත් මෙරට තුළ ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ඇති බැවින් කුරුළු උණ රෝගය පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව ඇය අවධාරණය කළා.