29 C
Colombo
Friday, March 29, 2024

පාසල් නොයන ගුරුවරුන්ගේ වැටුපට සිදුවන දේ

- Advertisement -

අද (21) දිනයේ පාසල් වෙත වාර්තා නොකරන ගුරු භවතුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප් කප්පාදුවක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බවට සිදුවන චෝදනාව අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.

එවැන්නක් සඳහා ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන අමාත්‍යවරයා තමාට උපදෙස් දී නොමැති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, එලැඹෙන 25 වැනිදා සඳුදා ගුරු විදුහල්පති සියලූදෙනා පැමිණෙන බව අදාල වෘත්තීය සංගම් දැනුම් දී තිබෙන බවත් ගුරු-විදුහල්පතිවරුන්ගේ අර්බුදය කලබලයකින් තොරව, ඉතා සුහදශීලීව විසඳා ගත යුතු කරුණක් බවත් ඔහු අවධාරනය කර සිටිනවා.

වෘත්තීය සංගම්වල ධනාත්මක ප්‍රතිචාරය පදනම් කරගෙන, සැලසුම් කර ඇති පරිදි පාසල් අරඹා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇරඹීමට හැකියාවක් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

දිවයින පුරා සිසුන් දෙසීයකට අඩු පාසල් 5106ක අද දිනයේ අධ්‍යාපන කටයුතු ඇරඹෙන බවත් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන චකිතයකින් තොරව දරුවා පාසල් එවන ලෙසත් ඔහු දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ළමා දිනය අදයි කියා සිතා දරුවන් පාසලට එවන ලෙසත්, දරුවන් බලාගැනීමට අවශ්‍ය සියලූ කටයුතු යොදා ඇති බවත් අද දිනයේ ගුරුවරුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ගුරු ගීතයක් ද ළමයින් සඳහා ළමා ගීතයක් ද ගායනා කිරීමට කටයුතු යොදා ඇතැයි ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.


RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...