පාකිස්තාන පාලනය යටතේ පවතින අසාද් කාශ්මීරයේ ජනාධිපති බැරිස්ටර් සුල්තාන් මහමුද් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වටිනා නව සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීමට පාකිස්තානයේ කාශ්මීර රජය ගත් තීරණය සිවිල් ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට තුඩු දී තිබේ.
ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටියදී ජනාධිපතිවරයා මෙවන් ක්‍රියාමාර්ගයක නිරතවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව එම සිවිල් ක්‍රියාකාරීහු වැඩිදුරටත් පවසති.
කාශ්මීරයේ කැබිනට් සාමාජිකයින් සහ එහි පාර්ලිමේන්තු ලේකම්වරුන් කාශ්මීරය සඳහා වෙන් කරන ලද අයවැය කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධතා ලියාපදිංචි කළ අවස්ථාවේ මේ බව හෙළිවී ඇත.
සේවා සහ සාමාන්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව නිවේදනයේ දැක්වෙන්නේ 2021-22 මූල්‍ය වර්ෂයේ ජනාධිපතිවරයා සඳහා Mercedes Benz S500 4MATIC Sedan Long මෝටර් රථයක් මිලදී ගැනීමට, දේශීය බදු සහ ප්‍රවාහන ගාස්තු. ඇතුළුව රුපියල් මිලියන 102.52 ක අතිරේක ප්‍රදානයක් රජය විසින් අනුමත කර ඇති බවයි.
මෙය සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වීමෙන් පසු ජනාධිපතිවරයා වෙනුවෙන් රජය විසින් කරන ලද වියදම් දැඩි ලෙස විවේචනය කිරීමට සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් කටයුතු කර ඇති බව එරට වාර්තා පවසයි.
සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාශ්මීර ජනාධිපතිගේ ප්‍රකාශකයා පැවසුවේ නව මෝටර් රථය මිලදී ගැනීමේ පසුගිය රජය විසින් ආරම්භ කරන ලද බවයි.