ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමයින්ට 6 වන ශ්‍රේණියෙන් ඉදිරියට අධ්‍යාපනය ලැබීමට අවසර ලබා නොදීමට ගත් තීරණයත් සමග තලේබාන් සංවිධානයේ උත්තරීතර කවුන්සිලය තුළ බෙදීම් හටගෙන ඇති බව වාර්තා වේ.
තලේබාන් සංවිධානය මුලින් ප්‍රකාශ කළේ, මාර්තු 21 වන දින සිට, 6 ශ්‍රේණියෙන් ඉහළ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය සඳහා තිබූ මාස හතක තහනම ඉවත් කර රටේ නව අධ්‍යයන වර්ෂයේ පළමු දිනයේ සිට ඔවුන්ට පාසල් නැවත විවෘත කරන බවයි.
කෙසේවෙතත්, ඉන් දින දෙකකට පසුව තලේබාන් පාලන තන්ත්රය ඔවුන්ගේ ප්‍රකාශය වෙනස් කළ අතර ඉස්ලාමීය නීතියේ සහ ඇෆ්ගන් සංස්කෘතියේ මූලධර්මවලට අනුකූල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව පවසමින් 06 ශ්‍රේණියෙන් ඉහළ ගැහැණු ළමුන්ට පාසල් විවෘත නොකරන බව පවසනු ලැබිණ.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් මේ වනවිට තලේබාන් සංවිධානයේ උත්තරීතර පාලන මණ්ඩලය තුළ මේ සම්බන්ධයෙන් බරපතල බෙදීමක් හටගෙන ඇති බවත් ඊට හේතුව පිරිසක් ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලබාදීමට පක්ෂවත් තවත් පිරිසක් ඊට විරැද්ධවත් කටයුතු කිරීමයි.