හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සිදු කළ සමාලෝචනයකින් පසුව බදු ගෙවන්නන්ගේ මුදල් රුපියල් මිලියන 1200ක් ඉතිරි කිරීමට රජය අපේක්ෂා කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
මෙම තීරණය සම්බන්ධයෙන් මතුවූ විවේචනවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඊට විරෝධය පළ කරන පුද්ගලයින් මූලික වශයෙන් උනන්දු වන්නේ මහජන මුදල් පුද්ගලික වාසි සඳහා භාවිතා කිරීම සඳහා බවයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බව තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
මෙහිදී අමාත්‍යවරයා විසින් 2024 වසරේ ගත වූ මාස 11ක කාලය තුළ එනම් දෙසැම්බර් 15 වැනිදා දක්වා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වූ වියදම් සම්බන්ධයෙන්ද කරුණු අනාවරණය කරනු ලැබුවා.
මහින්ද රාජපක්ෂ
ත්‍රිවිධ හමුදාව: රු. මිලියන 328 කි
පොලිසිය: රු. මිලියන 327 කි
ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 55 කි
එකතුව: රු. මිලියන 710 කි
මෛත්‍රීපාල සිරිසේන
ත්‍රිවිධ හමුදාව: රු. මිලියන 6 කි
පොලිසිය: රු. මිලියන 185 කි
ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 16 කි
එකතුව: රු. මිලියන 207 කි
ගෝඨාභය රාජපක්ෂ
ත්‍රිවිධ හමුදාව: රු. මිලියන 258 කි
පොලිසිය: රු. මිලියන 39 කි
ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 10 කි
එකතුව: රු. මිලියන 307 කි
රනිල් වික්‍රමසිංහ (මාස 3කට)
ත්‍රිවිධ හමුදාව: රු. මිලියන 19 කි
පොලිසිය: රු. මිලියන 60 කි
ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 3 කි
එකතුව: රු. මිලියන 82 කි
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
ත්‍රිවිධ හමුදාව: වියදම් නැත
පොලිසිය: රු. මිලියන 99 කි
ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 12 කි
එකතුව: රු. මිලියන 110 කි
හේමා ප්‍රේමදාස (අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ)
ත්‍රිවිධ හමුදාව: වියදම් නැත
පොලිසිය: රු. මිලියන 30 කි
ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 3 කි
එකතුව: රු. මිලියන 32 කි