ගැබ් ගැනීම් වසරකින් ප්‍රමාද කරන ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ සඳහා සුදුසු උපත් පාලන ක්‍රමවේදයක් භාවිතා කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
නව කොවිඩ් ප්‍රභේද මවට සහ දරුවාට මාරාන්තික ලෙස බලපෑ හැකි බැවින් එම ප්‍රභේද අධ්‍යනය කිරීමට කාලය ලබා දෙමින් මෙසේ භර්භණී වීම් වසරකින් ප්‍රමාද කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.