28 C
Colombo
Sunday, October 1, 2023

එන්නත ලබාගත් අයටත් ඩෙල්ටා ආසාදනය විය හැකියි

- Advertisement -

ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගත් ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ටද ආසාදනය විය හැකි බව අනාවරණය වී ඇති බව රොයිටර් පුවත් සේවය පෙන්වා දෙනවා.

එපමණක් නොව පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෛරසයේ වාහකයන් බවටද පත්විය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසයේ ඕනෑම ප්‍රභේදයක් හේතුවෙන් ඇති වන දරුණු සංකූලතාවයන් වලට එරෙහිව එන්නත් මගින් විශාල රුකුලක් ලැබෙන නමුත් ප්‍රභල සහ වේගවත්ව ව්‍යාප්තවන ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් විශේෂඥයින් කණස්සල්ලකින් පසුවන බවයි පැවසෙන්නේ.

එබැවින්, සම්පූර්ණයෙන්ම එන්නත්කරණය සිදුකළ රටක් වුවද මුඛාවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම, දෑත් සේදීම වැනි සෞඛ්‍ය ‍රටාවන්ගෙන් බැහැරවීම නුසුදුසු බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේ මොහොතේ ලෝකයට ඇති විශාලම අවදානම ඩෙල්ටා ප්‍රභේදය බවත් එය මෙතෙක් දක්නට ලැබුණු ප්‍රභලම සහ වේගවත්ම ප්‍රභේදය බවත් ​බ්‍රිතාන්‍ය ක්ෂුද්‍රජීව විද්‍යාඥ ෂරොන් පීකොක් පවසනවා.

ඩෙල්ටා ප්‍රභේදයේ ඇති භයානකම තත්වය වන්නේ එයින් රෝගී තත්වය වඩාත් උත්සන්න වීම නොව එය වඩාත් පහසුවෙන් අනෙකුන් අතර ව්‍යාප්ත වීම බවත් ඒ හරහා එන්නත්කරණයට ලක් නොවූවන් පහසුවෙන් ආසාදනය වී රෝහල්ගතවන ප්‍රමාණය ඉහලගොස් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමකට ලක්වීමක් දක්වා හේතු වීම බවයි විශේෂඥයන් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...