තණමල්විල ප්‍රදේශයේ පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (05) යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඔවුන් මේ වන විට අධිකරණ සංකීර්ණය වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, මෙම සැකකරුවන්ට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය අභියසදී අද දිනයේ ද විරෝධතාවක් පවත්වා තිබෙනවා.
ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව මෙම නිහඩ විරෝධතාව සංවිධානය කර තිබුණා.
තණමල්විල ප්‍ර පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 17 දෙනෙකු සහ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.