චීන පටස් එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක රාජකාරී කරන දන්ත වෛද්‍යවරියක බව පොලීසිය පවසනවා.
තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළෙඳසැලකින් චීන පටස් කිහිපයක් මිලදීගෙන තිබූ අතරේ එයින් කිහිපයක් ඉතිරිව නිවසේ සාලයේ මේසය මත තබා තිබෙනවා.
ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සඳහා දන්ත වෛද්‍යවරිය දත්වලින් සපා එය පරීක්ෂා කිරීමට යෑමේ දී එය පුපුරා ගොස් මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බවට වාර්තා වනවා.
‘චීන පටස් එක’ ඇයගේ මුඛය තුළම පුපුරා යාමෙන් මුඛය, මුහුණ සහ දත්වලට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
පානදුර කොට්ඨාස අපරාධ අංශ නිලධාරීන් සහ ස්ථානීය පරීක්ෂණාගාර නිලධාරීන්ද පිපිරීම සිදුවූ නිවස වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරනවා.