ගුරුවරුන්ගේ දැඩි බලපෑමෙන් අනතුරුව මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස මහතා සහ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පසුගියදා මාවනැල්ල – මෙඩේරිගම මහා විද්‍යාලයේදී පැවති ගුරු-විදුහල්පති හා දෙමාපිය විරෝධතාවයක් අතරතුර එම ස්ථානයට ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජන කිරීමේ චෝදනාවකට අදාළවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරුන් පොලීසියට පැමිණිල්ලක් කළද ඒ සම්බන්ධයෙන් පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා පසුගිය දින දෙක පුරා ගුරුවරුන් විශාල පිරිසක් මාවනැල්ල පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.
ඒ අනුව සිදුවීමෙන් සතියකට අනතුරුව පොලීසිය විසින් මෙම මන්ත්‍රීවරුන් පිරිස අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්.